ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවන්ට අනුව 2026 වසරේ දෙවන කාර්තුවේදී (අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.
පළමු කාර්තුවේදී සියයට 5.1ක වර්ධනයක් පැවති අතර, දෙවන කාර්තුවේදී එය සියයට 4.2ක් දක්වා යම් මන්දගාමීත්වයක් පෙන්වයි. පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 8,254,176ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 11.3ක වර්ධනයකි.
දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3ක සහ සේවා අංශය සියයට 2.7ක වර්ධනයක් ලබාගෙන ඇති අතර, තොරතුරු තාක්ෂණ (10%), රක්ෂණ (8%) සහ ඉදිකිරීම් ක්ෂේත්රවල ප්‍රසාරණය ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.
කෙසේ වෙතත්, මිරිදිය ධීවර සහ වී වගාව අඩුවීම නිසා කෘෂිකාර්මික අංශය සියයට 2.3ක පසුබෑමක් සටහන් කර ඇත. මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්රය මන්දගාමී වූවත්, ආනයන අමුද්‍රව්‍ය ලැබීම සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රසාරණය ආර්ථික වර්ධනයට රුකුලක් වී තිබේ.

ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්
මාලිමාව රට වටේම රැලි තියන්නේ ඇයි?
ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවෙයි
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වේ
දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්