Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි

4 minutes ago

ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබූ රුමේෂ් තරංගගේ හෙල්ල 5කට හානි සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පියා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ, රුමේෂ් ලොව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් අතරින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් අංක එකේ ස්ථානයේ සිටින බැවින් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු බවත්, රුමේෂ්ගේ ක්‍රීඩා කටයුතු සඳහා සහයෝගය ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කළා.

රුමේෂ් ආදරයෙන් රැකබලා ගත් හෙල්ල 5ක් යනු විශාල වියදමක් බවත්, එම හෙල්ල මේ වනවිට අහිමිවීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් පසුබැසීමට සූදානම් නොමැති බවත්, රටේ ජනතාවට සතුටක් ලබාදීම සඳහා රුමේෂ්ගේ ඉදිරි ගමන අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බවත් ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉදිරිපත් කර ඇති බවත්, එය කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *