උතුරු වෙරළ තීරයෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයෙන් අද (27) සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.
අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වන බවයි.
එහි හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් සහ ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් අඩංගු බවද ඔහු සඳහන් කළා.
මීට පෙර නාවික හමුදාව සහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කිලෝග්‍රෑම් එකේ පැකට් වුවද, උතුරු මුහුදු වෙරළ තීරයෙන් මෙලෙස කිලෝග්‍රෑම් 5 බැගින් වූ පැකට් ලෙස මත්ද්‍රව්‍ය සොයාගත් පළමු අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙම මත්ද්‍රව්‍ය තොගය උතුරේ තරුණ ප්‍රජාව ඇතුළු ජනතාව අතරට ගියේ නම් මහත් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවත්, උතුරද දකුණද කියා වෙනසක් නොමැතිව මුළු ශ්‍රී ලංකාවේම ජනතාව එකලෙස සලකමින් වර්තමාන රජය මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ඇමතිට ෆවුසිට ලොකු දඩයක්! ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
ගෝඨාභය අධිකරණයට
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!