Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාවකාලිකව පාපන්දු තහනම්

1 minute ago

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාවකාලික තහනමක් පනවා ඇති බව පෘතුගීසි මාධ්‍ය වාර්තා කරනවා.

41 හැවිරිදි රොනාල්ඩෝ, පසුගිය සතියේ ඩෙන්මාර්කයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ පෘතුගාලයේ නේෂන්ස් ලීග් තරගයට පෙර කෝපන්හේගන්හි පිහිටි කණ්ඩායමේ නවාතැන් කඳවුරෙන් ඉවත්ව ගොස් තිබුණා.

ඒ, ප්‍රධාන පුහුණුකරු ජෝර්ජ් ජේසුස් සමග ඇති වූ මතභේදයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

නෝර්වේ කණ්ඩායමට එරෙහි තරගයේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටියද පිටියට පිවිසීමට අවස්ථාව නොලැබුණු රොනාල්ඩෝ, තම කණ්ඩායමේ භූමිකාව සම්බන්ධයෙන් පුහුණුකරු දෙවරක්ම දුන් පොරොන්දුව කඩ කළ බවට චෝදනා කර තිබුණා.

පෘතුගීසි පුවත්පතක් වන A Bola වාර්තා කර ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පෘතුගාල පාපන්දු සම්මේලනය තහවුරු කළ බවයි.

එම පරීක්ෂණය කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සලකා කටයුතු කිරීමට ද තීරණය කර ඇති බව වාර්තාවේ සඳහන්.

මේ අතර, නෝර්වේ තරගයෙන් පසු ප්‍රේක්ෂකයන්ට නිසි ලෙස ස්තුති නොකිරීම සහ කණ්ඩායමේ සගයන් හැර දමා පිටව යාම සම්බන්ධයෙන් රොනාල්ඩෝ පසුගියදා සමාව ඉල්ලා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පනවන ඕනෑම දඬුවමක් විඳීමෙන් පසුවත් තමන් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *