ශ්රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි20 ක්රිකට් තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්රහණයත් සමඟින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තමන් සතු කරගැනීමට ද පාකිස්තානයට හැකි විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සාදාකත් පන්දු 51කදී නොදැවී ලකුණු 96ක් රැස්කළ අතර, නායක සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කදී ලකුණු 73ක් ලබාගනිමින් පාකිස්තාන ඉනිමට දැවැන්ත දායකත්වයක් දැක්වීය.
ලකුණු 216ක ප්රබල ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්රමසිංහ ලකුණු 29ක් රැස්කළහ. පන්දු යැවීමේදී දක්ෂ ලෙස ක්රියාත්මක වූ පාකිස්තානයේ මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් බිඳහෙළමින් ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කර දැමීය.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි