ඉදිරි කාලසීමාවේදී වර්ෂාපතනය ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් වැසි ජලය විධිමත්ව බැසයාම තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිරිසිදු කර ඉදිරි සති දෙක ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අද (13) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, මෙය සුවිශේෂී හදිසි තත්ත්වයක් සේ සලකා ක්‍රියාත්මක විය යුතු අතර ඉන් අනතුරුවද අඛණ්ඩ නඩත්තු වැඩපිළිවෙළක් පවත්වාගෙන යා යුතු බවයි.
මෙහිදී ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම, ආපදා කළමනාකරණය සහ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යන ප්‍රධාන අංශ ඔස්සේ 2026 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද පුළුල් සමාලෝචනයක් සිදුකෙරුණා. ඒ අනුව, දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අදියර තුනක් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.
මීට අමතරව, දිළිඳුකම තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 1,117.53ක මුදලක් වෙන් කර ඇති අතර, ඉන් වැඩි කොටසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් හරහා කෘෂිකර්මාන්තය, మිරිදිය ධීවර කර්මාන්තය සහ කුඩා පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට යෙදවීමට නියමිතයි.
එමෙන්ම ආපදා අවම කිරීමේ පියවරක් ලෙස හෝමාගම, සීතාවක සහ මහරගම ප්‍රදේශවල ඇළ-දොළ පිරිසිදු කිරීම මෙන්ම, ක්‍රීඩා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4ක ප්‍රතිපාදන වෙන් කරමින් පාසල් හා මහජන ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමටද පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම විකේන්ද්‍රගත ප්‍රාග්ධන අයවැය යටතේ පවුල් 184,775කට සෙත සැලසෙන රුපියල් මිලියන 217.38ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 281ක් අනුමත වී ඇති බවත්, ඉන් ව්‍යාපෘති 44ක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම නිමවා ඇති බවත් රැස්වීමේදී අනාවරණය වුණා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණාරච්චි, සමන්මලී ගුණසිංහ සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!