Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්

6 minutes ago

වර්තමානයේ විශේෂඥ දැනුම සහ හැකියාවන් සහිත වෘත්තිකයන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමේදී දැඩි අර්බුදයකට සහ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විශේෂඥ දැනුමට ගැලපෙන පරිදි විශේෂ වැටුප් තල නිර්මාණය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ ඊයේ (12) පස්වරුවේ කොළඹදී ආරම්භ වූ අතර, එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති බිඟුමාල් තේවරතන්ත්‍රි මහතා සමඟ පැවති විශේෂ සංවාදයකදී ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

“රාජ්‍ය සේවයේ අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රාජ්‍ය සේවය අද ආකර්ෂණීය නැහැ. අපිට අද තාක්ෂණික නිලධාරීන් අපේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුබලතාවයක් තියෙනවා. කොහොමද අපි AI එක්ස්පර්ට් කෙනෙක් ගන්නේ? කොහොමද අපි ඉංජිනේරුවෙක් ගන්නේ? කොහොමද අපි හොඳ කළමනාකරුවෙක් ගන්නේ? අපේ මේ තියෙන වැටුප් පද්ධති සාධාරණ නැහැ. ඒ නිසා ඒ විශේෂඥ හැකියාව තියෙන අයට අපි විශේෂ වැටුප් තල පිහිටුවන්න ඕනේ. එහෙම නැතුව මම හිතන්නේ නැහැ අපිට ඒ විශේෂඥ ඥානය ගන්න පුළුවන්ද කියලා. මොකද රුපියල් ට්‍රිලියන දෙකක කැපිටල් එකක්, ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි විශාල සේවා ප්‍රමාණයක් පවත්වාගෙන යන රාජ්‍යයක් මෙය.

හැබැයි අපිට හැකියාවන් තියෙන වෘත්තිකයන් අපේ රාජ්‍ය අංශයට උරා ගන්න බැහැ තියෙන වැටුප් තලයත් එක්ක. අපි ආදර්ශයක් හැටියට ‘GovTech’ ආයතනය පිහිටුවීම සඳහන් කළ හැකියි. මම හිතනවා අපේ ඩොක්ටර් හාන්ස් මැදිහත් වෙලා – විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන – විශාල මෙහෙයක් කරලා අපි ‘GovTech’ ආයතනය පිහිටෙව්වා. එතකොට අයි.ටී. ක්ෂේත්‍රයේ ඉන්න එක්ස්පර්ට්ලා, විශේෂඥ ඥානය තියෙන අය විශේෂ වැටුප් තලයකින් අපිට ගන්න පුළුවන්. එතකොට ක්ෂේත්‍ර ගණනාවක් අපි තෝරගන්න ඕනේ. කොහොමද අපි සිවිල් ඉංජිනියර් කෙනෙක් මේ වැටුප් තලයට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බැහැ.

ඉස්සර රැකියා නිර්මාණය වුණේ රජයෙන් විතරයි. හැබැයි අද රජයට වඩා රැකියා ඕගොල්ලෝ එළියේ නිර්මාණය කරනවා. ඒ නිසා ඕගොල්ලෝ හොඳ වැටුප් තලයක් දෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට රාජ්‍ය සේවය මුහුණ දී තිබෙන ප්‍රශ්නය තමයි විශේෂඥ ඥානය සහිත වෘත්තිකයන් රාජ්‍ය සේවයට කැඳවා ගැනීමේ අර්බුදයකට අපි මුහුණ දීලා තිබෙනවා කියන එක. ඒක පියමං කරන්න නම් විශේෂඥ ඥානය සහිත කණ්ඩායම්වලට විශේෂ වැටුප් තලයක් අපි ලබා දීම කළ යුතුයි. මේ ආදී සැලසුමක් හරහා තමයි මම හිතන්නේ රාජ්‍ය සේවයේ තිබෙන අකාර්යක්ෂමතාව අපිට දුරු කරන්න පුළුවන්කම තිබෙන්නේ.

අපි අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන වියදම් අපිට සියයට සියයට ආසන්න වන ප්‍රමාණයක් මම හිතන්නේ අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ එවැනි සැලසුම්වලට ගියොත් විතරයි.

ප්‍රශ්නය: පොඩි කාලයක් යයි නේද ජනාධිපතිතුමා ඔය ටික කරන්න?

පිළිතුර – නැහැ, මම හිතන්නේ අර ට්‍රිලියන දෙක අපි බලමුකෝ. 2027 අවසාන වෙද්දී මම හිතනවා සැලකිය යුතු ප්‍රමාණයක් අපිට වියදම් කරගන්න පුළුවන් වේවි කියලා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *