දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.
මේ අතර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව හෙට (13) දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි හා නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටී.
දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බැවින් මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි