Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනා අධිකරණයට

15 hours ago

නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු සිව්දෙනෙකු අද (12) නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නාවලපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ, ඇත්තේ නගර සභා සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා, බෑණා සහ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාය.

පසුගිය 10 වැනිදා රාත්‍රියේ නගර සභා සභාපතිවරයාගේ නිවස ඉදිරිපිටදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.

එම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරුපැදිය අනතුර සිදුවූ ස්ථානයෙන් ඉවත් කිරීමට යතුරුපැදිකරු උත්සාහ කළ අවස්ථාවේදී එහි පැමිණි සභාපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ඔහුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නාවලපිටිය පොලීසිය, අසල පිහිටි ආරක්ෂක කැමරාවක සටහන් වූ දර්ශන ද පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *