Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෑම පළාතකටම අල්ලස් කොමිසමක්

9 hours ago

මෙවර අය වැය යෝජනාව තුළින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ, ඊයේ(11) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ‘අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුභයි’ ජන රැළිය අමතමින්.

පළාත් මට්ටමින් ස්ථාපිත කරනු ලබන මෙම කොමිෂන් සභා ශාඛා සඳහා නිලධාරීන් 900කට වැඩි පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

හොරකම, නාස්තිය නතර කිරීම සහ වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් ලබා දීම වත්මන් රජයේ ප්‍රධානතම අරමුණක් වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල ලෙස මේ වංචනිකයන් දූෂිතයන් පස්සෙන් පන්නනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තියන්නේ දැන් කොළඹ විතරයි. අපි දැන් අය වැය ලේඛනයෙන් සල්ලි පාස් කරනවා. කොළඹ විතරක් නෙවෙයි හැම පළාතකම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුනවා. නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් අපි බදවාගන්න කටයුතු කරනවා….”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *