නාවලපිටිය, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු සිව්දෙනෙකු අද (12) නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නාවලපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ, ඇත්තේ නගර සභා සභාපතිවරයා, ඔහුගේ පුත්‍රයා, බෑණා සහ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාය.
පසුගිය 10 වැනිදා රාත්‍රියේ නගර සභා සභාපතිවරයාගේ නිවස ඉදිරිපිටදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පසු මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.
එම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා ඇති අතර, යතුරුපැදිය අනතුර සිදුවූ ස්ථානයෙන් ඉවත් කිරීමට යතුරුපැදිකරු උත්සාහ කළ අවස්ථාවේදී එහි පැමිණි සභාපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ඔහුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ නාවලපිටිය පොලීසිය, අසල පිහිටි ආරක්ෂක කැමරාවක සටහන් වූ දර්ශන ද පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට
චාමර සම්පත් රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
සෑම පළාතකටම අල්ලස් කොමිසමක්
පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
අර්ජුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 දක්වා කල් තැබේ
මහින්ද කහඳගම රිමාන්ඩ්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ