Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කරනවා – ජනපති

13 hours ago

පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර පැවති රජයන් විසින් අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවත්, එම ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (11) පස්වරුවේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි. පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය කාලය තුළ දැඩි ලෙස පාඩු ලැබූ තෙල් සංස්ථාව මේ වන විට නිසි කළමනාකරණය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති බවයි. ඉදිරියටත් ජනතාවට අයුක්තිසහගත බරක් පැටවීමට ඉඩ නොදී, රටට සහ ජනතාවට හිතකර ලෙස ඉන්ධන සැපයුම තවදුරටත් විධිමත් කිරීමට රජය කැපවී සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දැන් ඇවිල්ලා අවුරුදු දෙකයි. අපි තෙල් සංස්ථාවට බඳවා ගත්තේ දහ දෙනයි.

ඒකෙන් හතර දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලාගන්නවා. අනෙක් හයදෙනා කටුනායක එකේ අපේ ගුවන්යානා වලට අපි තෙල් ගහන ව්‍යාපෘති දියත් කරලා තියෙනවා. ඒකට දහස් ගණන් බඳවා ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කරා. අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

එක සමාගමක් කියනවා රුපියල් එකසිය තිස් දෙකකින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා එකසිය දාසයකින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් හැත්තෑවේ සහනාධාරය සහිතව රුපියල් දහයකින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථිකය ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් වලට තෙල් හිඟයක් තියෙනවා. හිඟය තියෙන්නේ මොකක් නිසාද? ඒ ගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නෑ කියලා.

ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *