මොණරාගල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකුට අතවර කල බවට චෝදනා එල්ල වූ මොණරාගල ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 49 ක ගුරුවරියකට සිරදඩුවම් නියම කර තිබෙනවා.
ඒ, මොණරාගල මහාධිකරණය විසින්. පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක මෙම ගුරුවරිය අදාළ සිසුවා සිය නිවසට ගෙන්වාගෙන ඔහුට අතවර කර අඹුසැමියන් ලෙස හැසිරී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එවන් පසුබිමක් තුළ එල්ල වූ චෝදනා තුනකට ගුරුවරිය වරදකරු බවට මොණරාගල මහාධිකරණය තීන්දු කළා.
ඒ අනුව එක් චෝදනාවකට වසර අට බැගින් චෝදනා තුනට වසර 24ක සිරදඩුවම් නියම කර එම සිර දඬුවම වසර අටකින් ගෙවී යන ලෙසට මහාධිකරණය නියම කර තිබෙනවා.
ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ හත හමාරක වන්දියක් සිසුවා හට ගෙවන ලෙසටද මොණරාගල මහාධිකරණය දුන් නියෝගයේ සදහන්.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවයි මහාධිකරණය නියෝග කළේ.
මේ අතර අදාළ ගුරුවරියට රුපියල් පනස් දහසක දඩයක් ද නියම කල අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි