සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්රදේශයේ ප්රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ බව සඳහන් කරමින් ඔහු පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්රදේශයේ ප්රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් මෙලෙස ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා තිබෙනවා.
පක්ෂය ආරම්භක අවස්ථාවේ පටන් කටයුතු කිරීමට ලැබීම ගැන සතුටු වන බව සඳහන් කර ඇති ඔහු, පක්ෂයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම පක්ෂය ජයග්රහණය කරා මෙහෙයවීමට සියලු දෙනාට ශක්තිය ප්රාර්ථනා කර තිබෙනවා.

බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට