Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

19 hours ago

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දින අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැක.

ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *