ඖෂධ මිලදී ගැනීමේ අක්රමිකතා හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් නියමිත වන්දි මුදල් ගෙවීමේ ශ්රේෂ්ඨාධිකරණ නියෝගය ක්රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබේ.
මීට පෙර, ඉකුත් මාර්තු මස 27 වනදා ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර යන අය විසින් රුපියල් මිලියන 50 බැගින් රජය වෙත වන්දි ගෙවිය යුතු විය.
වගඋත්තරකරුවන් අදාළ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කර නොමැති බැවින්, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) ව්යවස්ථාව යටතේ ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි