ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුමට බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා ප්රතිචාර දක්වා තිබේ.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර දිසානායක මහතා හමුවීමට ලැබීම තමාට සතුටක් බවය.
වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගත හැකි බව බ්රසීල ජනතාව සිය ජයග්රහණය තුළින් පෙන්වා දුන් බවත් එය විශිෂ්ට ජයග්රහණයක් බවත් අදාළ සටහනින් බ්රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද බ්රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණි.

නාමල් රාජපක්ෂව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග
සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක්
සෞදියේ ශ්රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්රදේශ කිහිපයකට තද වැසි!
ශ්රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගය අද
‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්යයේදී අත්අඩංගුවට! ශ්රී ලංකාවට රැගෙන එයි!
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්