පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්රහණය ඉහළින් සැමරීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දුන්නේ, ජයග්රහණයේ ප්රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවය.
ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්රියාත්මක කිරීමේ වගකීම ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සතු බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව කණ්ඩායම ඉහළම තත්ත්වයට ගෙන ඒම සඳහා මෙම ජයග්රහණයේ සිට ක්රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම අත්යවශ්ය බව කුමාර් සංගක්කාර සිය ‘X’ සටහනෙන් පවසයි.
පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ අද (22) පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 2කින් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය, එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී පසුකර යැමීට ශ්රී ලංකා පිතිකරුවෝ සමත් විය.

තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි