Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෞදියේ ශ්‍රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට

34 minutes ago

සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ම#ණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කිරීමෙන් පසු, දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ සිටින අනෝජන් සිවරාසා මහතා හමුවීමට සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා පියවර ගෙන තිබේ.

ඉදිරි නඩු විභාගයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම, නීතිඥවරුන් සමඟ සම්බන්ධීකරණය සහ අවශ්‍ය කොන්සියුලර් සහාය නොඅඩුව ලබා දීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව තානාපතිවරයා අවධාරණය කළේය.

සෞදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ක්‍රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබා දෙමින් ඉදිරි කටයුතු සිදු කරන බව තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.

බන්ධනාගාර බලධාරීන් හමුවූ තානාපතිවරයා අනෝජන් සිවරාසා මහතාගේ සුබසාධනය පිළිබඳව සොයා බලමින් ලබා දෙන සහයෝගයට සෞදි බලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *