Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!

3 minutes ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමුකිරීමට නියමිතව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (27) දැනුම් දුන්නා.

ජනාධිපති නීතිඥවරයා මේ බව අධිකරණයට දැනුම්ක්‍ දුන්නේ ක්‍රිෂ් සිද්ධියට අදාලව මෝෂන් පත්‍රයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්.

ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් පසුවන ද ජනාධිපති නීතීඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.

මෙය සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා බලා එම පවුලේ වැඩිමලා වන මෙම සැකකාර නාමල් රාජපක්ෂට ක්‍රිෂ් නඩුවට අදාලව ඇප ලබා දෙන දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ, අනුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා යළිත් මෙම නඩුව හෙට (28) කැඳවීමටයි අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *