පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ අද පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයග්රහණයක් අත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්රහණයත් සමඟම එළැඹෙන ඔක්තෝබර් 31 වනදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාවට හැකියාව ලැබිණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ශ්රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්ථානු ඉනිම පන්දුවාර 25යි පන්දු 3ක් තුළ ලකුණු 110කට සීමා විය. පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් (Babar Azam) පන්දු 33කදී ලකුණු 29ක්ද, හසන් නවාස් (Hasan Nawaz) පන්දු 31කදී ලකුණු 17ක්ද ලබා ගත්හ. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුසංඛ ලකුණු 5කට කඩුලු 05ක් දවාගත් අතර, සහන් ආරච්චිගේ කඩුලු 02ක් බිඳහෙළීය.
ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය සපරා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 60කදී නොදැවී ලකුණු 62ක් රැස්කළ අතර, පවන් රත්නායක පන්දු 26කදී නොදැවී ලකුණු 23ක් ලබාගත්තේය. පාකිස්ථානය වෙනුවෙන් ශහීන් ෂා අෆ්රිඩි (Shaheen Shah Afridi) සහ අරෆාත් මින්හාස් (Arafat Minhas) කඩුල්ල බැගින් දවාගත්හ.
ඒ අනුව, තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන ඔක්තෝබර් 31 වැනිදා ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතය.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්