Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම්!

1 day ago

‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීමට රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මේ වන විටත් තහනම් කර ඇති අතර, 3 වන සැකකරු වන වරුණ හන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක ගනුදෙනු ද අත්හිටුවා ඇත.

මෙම සියලු තහනම් කිරීම් 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පිළිබඳ පනත යටතේ සිදුකරන අතර, සවිස්තර වාර්තාව පැය 72ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. නඩුව යළි දෙසැම්බර් 08 වනදා කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *