Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි ගාස්තුව ඉහළට?

5 hours ago

2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කර තිබේ.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් මෙම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුව බව PUCSL සඳහන් කරයි.

මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *