Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නලින් බණ්ඩාර නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් රේගු භාරයට

12 minutes ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අද (8) සිය භාරයට ගෙන තිබේ.

අදාළ ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළෙන් රැගෙන යාම සඳහා ආනයන පාලන බලපත්‍රය (ICL),විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) අනුමැතිය අවශ්‍ය වුවත්, මන්ත්‍රීවරයා එම අනුමැතීන් ඉදිරිපත් කිරීමට  අපොහොසත් වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇති අතර, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *