Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උප පොලිස් පරීක්ෂක ඇතුළු පොලිසියේ තනතුරු කිහිපයක් සඳහා අයැදුම්පත් කැඳවයි! බඳවාගන්නා ආකාරය මෙන්න!

2 years ago

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට අවශ්‍ය ගැසට් පත්‍ර මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක්, කොස්තාපල්වරුන් 370ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතයි.

සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරනු ඇති.

උප පොලිස් පරීක්ෂකවරයකු වසරක පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කෙරෙනවා.

පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල ඇතුළු නිලධාරීන් විසින් අදාළ බදවාගැනීම් සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *