දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) උදෑසන ‘රතු නිවේදනයක්’ නිකුත් කර තිබේ.
අද උදෑසන 9.30ට නිකුත් කළ මෙම රතු නිවේදනය හෙට (15) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන අතර, පහත ප්‍රදේශ ඒ යටතේ හඳුනාගෙන ඇත:
- බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්.
- මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රියව පවතින අතර, එය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එතෙක් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇත.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී. 256.2කි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්