ඉන්දියාවේ නව දිල්ලිය අවට ප්‍රදේශවලට අද රික්ටර් මාපක 4ක භූකම්පනයක් ඇතිව තිබෙනවා.
අද උදෑසන 5:36ට පමණ කිලෝමීටර 5ක් ගැඹුරට මෙම භූකම්පනය දැනුණු බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.
දිල්ලි, නොයිඩා, ඉන්දිරපුරම් සහ අනෙකුත් කලාපවලට බලපෑ භූමිකම්පාව උතුරින් 28.59ක අක්ෂාංශයක සහ නැගෙනහිරින් 77.16ක දේශාංශයක සිදු වූ බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මෙම කම්පනය හේතුවෙන් දිල්ලියේ ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් ඉවත් වීමට ද කටයුතු කර තිබෙනවා.
මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි