Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිල්ලියේ භූ කම්පනයක්

2 years ago

ඉන්දියාවේ නව දිල්ලිය අවට ප්‍රදේශවලට අද රික්ටර් මාපක 4ක භූකම්පනයක් ඇතිව තිබෙනවා.

අද උදෑසන 5:36ට පමණ කිලෝමීටර 5ක් ගැඹුරට මෙම භූකම්පනය දැනුණු බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.

දිල්ලි, නොයිඩා, ඉන්දිරපුරම් සහ අනෙකුත් කලාපවලට බලපෑ භූමිකම්පාව උතුරින් 28.59ක අක්ෂාංශයක සහ නැගෙනහිරින් 77.16ක දේශාංශයක සිදු වූ බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මෙම කම්පනය හේතුවෙන් දිල්ලියේ ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් ඉවත් වීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *