ඉන්ධන හිගය නිසා මතු වු ප්‍රවාහන දුශ්කරතා මත සියලුම රජයේ පාසල් සති 2 ක කාලයක් නිවාඩු ලබා දි තිබුනු අතර නැවත සියලුම රජයේ පාසල් ලබන ජුලි 25 සදුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දි තිබේ.
වර්තමානයේ පවතින ප්‍රවාහන දුශ්කරතා සහා ආර්ථික අවපාතය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2022 වර්ෂයේ ඉදිරි කාලසීමාව සදහා පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබද විශේෂ චක්‍රලේකයක් මගින් අදාල පාර්ශව දැනුවත් කර තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලු රජයේ පාසල් සදුදා,අගහරුවාදා සහා බ්රහස්පතිපන්දා දිනයන් හි පැවැත්වීමටත් ඉතිරි දින 2ක මාර්ගගතව අධ්‍යාපන කටයුතු කලයුතු බව දන්වා තිබේ.
පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නවයෙන් අටක්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය ලබා දුන් චක්‍රලේඛ උපදෙස් වලට අනුගතව තීරණ වල සංගතතාව රැකෙන පරිදි ක්‍රියා කර තිබේ.
නමුත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් පසුගිය 23 වන දින දකුණු පළාතේ සියලු පළාත් සභා පාසල් සතියේ දින 5 ම පැවැත්වීමට තීරණය කල බව ලිපියකින් විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
පසුගිය ජුනි මාසයේ ඇතැම් ග්‍රාමිය පාසල් වල සිසුන් සහා ගුරුවරු අනාරක්ශිත ප්‍රවාහන ක්‍රමවේද මගින් පාසල් වෙත පැමිණිම නිසා අනතුරට ලක් වු අවස්තාද වාර්තා විය.

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්