ඉන්ධන හිගය නිසා මතු වු ප්‍රවාහන දුශ්කරතා මත සියලුම රජයේ පාසල් සති 2 ක කාලයක් නිවාඩු ලබා දි තිබුනු අතර නැවත සියලුම රජයේ පාසල් ලබන ජුලි 25 සදුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දි තිබේ.
වර්තමානයේ පවතින ප්‍රවාහන දුශ්කරතා සහා ආර්ථික අවපාතය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2022 වර්ෂයේ ඉදිරි කාලසීමාව සදහා පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබද විශේෂ චක්‍රලේකයක් මගින් අදාල පාර්ශව දැනුවත් කර තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලු රජයේ පාසල් සදුදා,අගහරුවාදා සහා බ්‍රහස්පතිපන්දා දිනයන් හි පැවැත්වීමටත් ඉතිරි දින 2ක මාර්ගගතව අධ්‍යාපන කටයුතු කලයුතු බව දන්වා තිබේ.
පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නවයෙන් අටක්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය ලබා දුන් චක්‍රලේඛ උපදෙස් වලට අනුගතව තීරණ වල සංගතතාව රැකෙන පරිදි ක්‍රියා කර තිබේ.
නමුත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් පසුගිය 23 වන දින දකුණු පළාතේ සියලු පළාත් සභා පාසල් සතියේ දින 5 ම පැවැත්වීමට තීරණය කල බව ලිපියකින් විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
පසුගිය ජුනි මාසයේ ඇතැම් ග්‍රාමිය පාසල් වල සිසුන් සහා ගුරුවරු අනාරක්ශිත ප්‍රවාහන ක්‍රමවේද මගින් පාසල් වෙත පැමිණිම නිසා අනතුරට ලක් වු අවස්තාද වාර්තා විය.