Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ ඒකාබද්ධ කිරීමට සැරසෙයි

1 year ago

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල, ජාතික විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කරනවා. 

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීයි. 

එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේද සඳහන් කළා. 

”ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල, ජාතික විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කිරීම දැනට යෝජිත සැලැස්ම පහත පරිදි වෙනවා. ගිරාගම ගුරු විද්‍යාලය ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති විද්‍යාපීඨය වන්නේ පේරාදෙණිය. මේ දෙක අතර දුර කිලෝමීටර් 6.7යි. පුහුණු කළ හැකි ශික්ෂණලාභීන් ගණන 150යි. නවීකරණයෙන් පසු නේවාසිකාගාර පහසුකම් 110යි. මම මේ මුළු ලැයිස්තුවම කියවන්නේ නෑ. ඒක සභාගත කරන්නම්. 

අපි ඉදිරිපත් කරලා තියෙන සැලසුම අනුව ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ දෙකම එකතු කරලා අපි ශික්ෂණලාභීන් පුහුණු කරන ප්‍රමාණය වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ශික්ෂණලාභීන් 2175ක් බඳවා ගන්න තමයි අදහස් කරලා තියෙන්නේ. මේ අයට අවශ්‍ය නේවාසිකාගාර ප්‍රමාණය වැඩි කරන්නත්, පහසුකම් වැඩි කරන්නත් මේ වෙනකොටත් අයවැයෙනුත් මුදල් වෙන් කරලා, ඒ සඳහා සැලසුම් කරගෙන යනවා. 

අඛණ්ඩ ගුරු අධ්‍යාපනය යටතේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා කෙටිකාලීන, නේවාසික පාඨමාලා, ගුරු විද්‍යාල මගින් ක්‍රියාත්මක කිරීම, මේ වර්ෂය සඳහා සැලසුම් කර තිබෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *