Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් ළමුන්ගෙන් 20% කට මන්දපෝෂණය

13 minutes ago

මෙරට පාසල් ළමුන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් යොවුන් වියට පැමිණීමේ දී ස්ථූල භාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරනවා.

“වයස අවුරුදු 5ට අඩු දරුවන්, අවුරුදු 5ට වැඩි දරුවන් ගත්තහම මේ සමීක්ෂණයට අනුව, අපේ මන්දපෝෂණය, මිටි බව 10.1%යි. ක්ෂය වී යෑම 8.1%යි. බර අඩුකම 16.1%යි. බර වැඩිකම 0.5%ක් වගේ ඉතා සුළු මට්ටමක්. මේකෙන් පේනවා අපේ දරුවන්ගෙන් පහෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව. එවැනි රටක දරුවන් වයසට ගිහින් තරුණ සහ මැදිවියට එනකොට ස්ථුලභාවයට පත්වෙනවා. කුඩා කාලයේ තිබෙන මන්දපෝෂණය පරිවර්ථනය වෙනවා ස්ථූලභාවය කරා. ස්ථූලභාවය වැඩිහිටියන්ගේ කාන්තාවන්ගේ 47%ක් සහ පිරිමින්ගෙන් 30%ක් වෙනවිට කාන්තාවන්ගෙන් 15%ක් හා පිරිමින්ගෙන් 6%ක් බවට පත්වෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *