ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල, ජාතික විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කරනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේද සඳහන් කළා.
”ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල, ජාතික විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කිරීම දැනට යෝජිත සැලැස්ම පහත පරිදි වෙනවා. ගිරාගම ගුරු විද්‍යාලය ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති විද්‍යාපීඨය වන්නේ පේරාදෙණිය. මේ දෙක අතර දුර කිලෝමීටර් 6.7යි. පුහුණු කළ හැකි ශික්ෂණලාභීන් ගණන 150යි. නවීකරණයෙන් පසු නේවාසිකාගාර පහසුකම් 110යි. මම මේ මුළු ලැයිස්තුවම කියවන්නේ නෑ. ඒක සභාගත කරන්නම්.
අපි ඉදිරිපත් කරලා තියෙන සැලසුම අනුව ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ දෙකම එකතු කරලා අපි ශික්ෂණලාභීන් පුහුණු කරන ප්‍රමාණය වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ශික්ෂණලාභීන් 2175ක් බඳවා ගන්න තමයි අදහස් කරලා තියෙන්නේ. මේ අයට අවශ්‍ය නේවාසිකාගාර ප්‍රමාණය වැඩි කරන්නත්, පහසුකම් වැඩි කරන්නත් මේ වෙනකොටත් අයවැයෙනුත් මුදල් වෙන් කරලා, ඒ සඳහා සැලසුම් කරගෙන යනවා.
අඛණ්ඩ ගුරු අධ්‍යාපනය යටතේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා කෙටිකාලීන, නේවාසික පාඨමාලා, ගුරු විද්‍යාල මගින් ක්‍රියාත්මක කිරීම, මේ වර්ෂය සඳහා සැලසුම් කර තිබෙනවා.”

තීනියාවල පාලිත හිමි සමාව ඉල්ලයි
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිට ඇප
පාසල් ළමුන්ගෙන් 20% කට මන්දපෝෂණය
හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ්
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!