විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අහිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.
ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි විමර්ශන සිදුකරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ.
සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කරඬූන් වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් හා ධාතු මංදිරය තුළ වූ පිං පෙට්ටිය ද එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!