හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.
මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් අටක් එක් වන අතර, පසුගිය තරග වාරයට ක්‍රීඩා නොකළ නවසීලන්තය ද නියෝජනය කරමින් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.
සනත් ජයසූරිය, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, නුවන් කුලසේකර හා උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
Road Safety World Series 2022 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ආරම්භ කිරීමට ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් සමඟ මුහුණ දීමට නියමිතයි.
තරඟාවලියේ කාලසටහනට අනුව, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් 2022 සැප්තැම්බර් 10 වන දින ඉන්දියාවේ දී ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සමඟ තරග 05 ක් ක්‍රීඩා කරනු ඇති.
තරඟාවලියේ තරඟ කාලසටහන පහතින්.

NEXT : වාහනේට ඉඩ දෙන්න අයිනට වූ සිසුවා කාණුවට වැටී අවසන් ගමන් යයි (වීඩියෝ)

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි