හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.
මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් අටක් එක් වන අතර, පසුගිය තරග වාරයට ක්‍රීඩා නොකළ නවසීලන්තය ද නියෝජනය කරමින් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.
සනත් ජයසූරිය, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, නුවන් කුලසේකර හා උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
Road Safety World Series 2022 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ආරම්භ කිරීමට ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් සමඟ මුහුණ දීමට නියමිතයි.
තරඟාවලියේ කාලසටහනට අනුව, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් 2022 සැප්තැම්බර් 10 වන දින ඉන්දියාවේ දී ආරම්භ වන ක්‍රිකට් තරඟාවලිය සමඟ තරග 05 ක් ක්‍රීඩා කරනු ඇති.
තරඟාවලියේ තරඟ කාලසටහන පහතින්.

NEXT : වාහනේට ඉඩ දෙන්න අයිනට වූ සිසුවා කාණුවට වැටී අවසන් ගමන් යයි (වීඩියෝ)

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්