2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දිනයෙන් පසු සංශෝධන සඳහා කාලය දීර්ඝ නොකරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඒ අනුව, අ.පො.ස. (උ.පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙන බවත්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665කදී පැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන්.
එහිදී පාසල් අයදුම්කරුවන් සඳහා අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂයභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඒවා භාර ගත යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, රජයේ පාසල් විදුහල්පතිවරුන් https://onlineexams.gov.lk/eic/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔවුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන ගිණුමට පිවිස අදාළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය කළ යුතු බවත්, පෞද්ගලික පාසල් (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය) https://onlineexams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවිය වෙත පිවිස, පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන අදාළ සංශෝධන සිදු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හෝ විෂයයන්හි කිසියම් සංශෝධනයක් ඇත්නම්, එම වෙබ් අඩවිය තුළින්ම එය සිදු කළ හැකි බවයි.

ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
ප්‍රේම්නාත් දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි