මඩකලපුව, කල්ලඩි පාලම මතින් කලපුවට පැන සියදිවි නසාගත් තරුණියගේ සිරුර මේ වනවිට හමුව තිබේ.
මම ඛේදනීය පුවතත් සමඟ දින 23ක් තුළ තරුණියන් තිදෙනෙකු, අවුරුදු 75ක් වන වයෝවෘධ පුද්ගලයින් තිදෙනෙකු ඇතුළුව 16 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ සියදිවි නසාගෙන ඇතැයි මඩකපුව පොලීසිය පැවසීය.
දිස්ත්‍රික්කය තුළ දිගින් දිගටම සිදුවන මෙම සියදිවි නසාගැනීම් හේතුවෙන් ජනතාව දැඩි කම්පනයට සහ කනස්සල්ලට පත්ව සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ තරුණිය ඊයේ (23) රාත්‍රී 7.15ට පමණ පාලම මතින් කලපුවට පැන ඇති අතර, එම අවස්ථාවේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසක් එය දැක තිබුණි.
ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව තරුණිය සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර, පසුව දියේ ගිලී සිටි තරුණියගේ සිරුර ගොඩ ගෙන මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
අදාළ තරුණිය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු බවත්, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවත් පොලීසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඉලංගෝ විදුෂාලිනි නම් තරුණියකි.
මඩකලපුව මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ