Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි

1 month ago

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි

2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඒ ඔහු විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධුෂ්ව එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදීයි

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන්වන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා මාධ්‍ය ආයතනවලින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන දර්ශන ලබාගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බව ද පොලිසිය පවසනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *