2026 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හොකී තරග සඳහා සුදුස්සන් තේරීමේ තරගයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය පරාජය කරමින්.
තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේ බැංකොක් හිදී.
ශ්‍රී ලංකාව මූලික වටයේ ‘බී’ කාණ්ඩයෙන් තරගවදිනවා. මූලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ, බංග්ලාදේශ කණ්ඩායමයි.
එම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී දෙපිළම එක් ගෝලය බැගින් ලබා ගත්තා.
ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ගෝල 3 ට 2 ක් ලෙසයි.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරේන් බොතාලේ, කුසල් වීරප්පුලි සහ සුරේෂ් රත්නායක ගෝල වාර්තා කළා.
ජාත්‍යන්තර හොකී තරගයකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කළේ, වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.
මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් වීරප්පුලි.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 6 වැනිදා චීන තායිපේ කණ්ඩායම පැවැත්වෙනවා.

ඉරාන නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමට ඉරානය සමත් වෙයි
කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි
වාහන ආනයනය පහළට
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට