Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී

21 minutes ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කර ගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ඣායනය කර සියලු ඉදිරි කටයුතු සුබදායීව සාර්ථක කර ගනිමින්, ලස්සන රටක් ගොඩනැගීමට ජනාධිපතිවරයා වෙත ශක්තිය, ධෛය ප්‍රාර්ථනා කර ආශිර්වාදය පළ කළහ.

අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති පූජ්‍ය මාගාල්ලේ නාගිත නායක හිමි, මහා ලේඛකාධිකාරී දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය අහංගම මෛත්‍රී මූර්ති නායක හිමි, සහකාර ලේඛකාධිකාරී පූජ්‍ය හොරගල්ලේ සෝරත හිමි, පූජ්‍ය නිදහස්ගම කල්‍යාණ සිරි හිමි, පුජ්‍ය මහමෙව්නාවේ මංගල හිමි, පූජ්‍ය අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමි ප්‍රමුඛ අමරපුර මහා නිකායේ නායක ස්වාමීන් වහන්සේලාද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ මහා සංසරත්නය සමඟ පිළිසඳරකටද එක් විය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා, භාණ්ඩාගාරික ධම්මික සමරවික්‍රම යන මහත්වරු ඇතුළු දායක සභාවේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *