මහරගම පමුණුව පාරේ දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න, නිවසේ හිමිකරු විසින්ම සිදුකළ එකක් බව දැන්ට සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මහරගම පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන දෙමහල් නිවසේ ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.
පසුව එය දුටු ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවාදැමීට කටයුතු කළේය.
එහිදී නිවස අභ්‍යන්තරයේ සිටි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කිරීමට පළමුව ඔවුන් කටයුතු කර ඇත.
එලෙස රෝහල්ගත කර ඇත්තේ නිවසේ හිමිකරු සහ කුලී පදනමට නිවසේ පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාය.
කෙසේ වෙතත් අනතුරුව සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටීයදි එම ගෘහ මූලිකයාගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ රන්තකාන්ති වික්‍රමආරච්චි නම් 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 16 හැවිරිදි දැරියකි.
එසේම රෝහල්ගත කර සිට 76 හැවිරිදි නිවසේ හිමිකරුද අද (19) පෙරවරුවේ මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය සඳහන් කළේය.
සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?