Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

2 hours ago

වර්තමානයේ පවත්වනු ලබන ඇතැම් අවුරුදු උත්සව හරහා සිංහල අලුත් අවුරුද්දේ සැබෑ සංස්කෘතික පදනම විනාශ වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඊයේ (20) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අලුත් අවුරුදු කුමරිය තේරීම වැනි අංග,  නිරුවත ප්‍රදර්ශනය කරන තරඟ බවට පත්ව ඇති බවයි.

ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ වැනි අය සංවිධානය කරන අවුරුදු උත්සව පිළිබඳව සිය විවේචනය එල්ල කළ විමල් වීරවංශ මහතා, අලුත් අවුරුදු කුමරිය තේරීම යනු විලිබිය නැති කරන හෝ නිරුවත ප්‍රදර්ශනය කරන ක්‍රියාවලියක් නොව, සංස්කෘතික හැදියාවෙන් යුතු තරුණියක තෝරාගැනීමක් බව එහිදී කියා සිටියා.

කෙසේවෙතත් වර්තමානය වන විට ඇතැම් අවුරුදු ක්‍රීඩා ජන ක්‍රීඩා යන අර්ථයෙන් බැහැරව, ප්‍රජනන ක්‍රීඩා මට්ටමට විකෘති කර විනාශ කර ඇති බව විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඕනෑම ජාතියක් බිඳවට්ටන්නට නම් ඔවුන්ගේ සංස්කෘතික පද්ධතියට ප්‍රහාර එල්ල කළ යුතු බවත්, වර්තමානයේ සිදුවෙමි පවතින්නෙ එම කාර්යය බවයි.

එමෙන්ම සිංහල-දෙමළ අලුත් අවුරුද්ද යන හැඳින්වීම පවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හිතාමතා නිර්මාණය කරන ලද්දක් බව පෙන්වා දුන් ඔහු,   හින්දු ජනතාව සූර්ය වන්දනාවක නියැලුණද ඔවුන් සිංහල ජනතාව මෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන සංස්කෘතික උළෙලක් නොපවත්වන බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *