Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චාමර සම්පත් විදෙස්ගත වෙන්න අවසර ඉල්ලයි

14 minutes ago

දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 12 වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා.

මෙම ඉල්ලීමට අදාළ මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සැකකාර චාමර සම්පත් දසනායක වෙනුවෙන් නීතිඥ අජිත් වික්‍රමසිංහ සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම ලබන 12 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *