Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි

2 minutes ago

රුපියල් 200,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළව, පසුගිය අප්‍රේල් මස 19 වැනිදා පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන නිදහස් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ මෙම වැටලීමේදී එක් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත් වූ අතර, අනෙක් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී පලා ගොස් තිබුණා.

එලෙස පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඊයේ (04) පෙරවරු 9.40ට පමණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *