දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 12 වනදා සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා.
මෙම ඉල්ලීමට අදාළ මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී සැකකාර චාමර සම්පත් දසනායක වෙනුවෙන් නීතිඥ අජිත් වික්‍රමසිංහ සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයට චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම ලබන 12 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
සන්ධ්‍යාව දැක්කොත් කියන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන
සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්
පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක්
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට