රුපියල් 200,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළව, පසුගිය අප්‍රේල් මස 19 වැනිදා පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන නිදහස් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ මෙම වැටලීමේදී එක් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත් වූ අතර, අනෙක් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී පලා ගොස් තිබුණා.
එලෙස පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඊයේ (04) පෙරවරු 9.40ට පමණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.


මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
චාමර සම්පත් විදෙස්ගත වෙන්න අවසර ඉල්ලයි
සන්ධ්‍යාව දැක්කොත් කියන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන
සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්
පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක්
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට