Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

12 hours ago

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පවසා තිබේ.

එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබුණි.

කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී  (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ බව පවසා ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *