Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝදි සහ විජේ අතර හමුවක්

2 minutes ago

නවදිල්ලියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තමිල්නාඩු මහඇමැති සී. ජෝසප් විජේ අතර අද (27) විශේෂ සුහද හමුවක් සහ සාකච්ඡාවක් පැවත්වා තිබෙනවා.

මෙම නිල හමුවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වූ වැදගත් ඉල්ලීම් රැසක් ඇතුළත් ස්මාරක පත්‍රයක් මහඇමැති විජේ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නෙදර්ලන්ත සංචාරයේදී, ඓතිහාසික වැදගත්කමකින් යුත් ‘ආනෛමංගලම් සෙප්පේඩු’ (ආනෛමංගලම් තඹ සන්නස්) යළි ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගැනීම සම්බන්ධයෙන් මහඇමැතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, තමිල්නාඩුවේ රාජ්‍ය උත්සව ආරම්භයේදී ප්‍රාන්ත ප්‍රණාම ගීතය වන ‘තමිල්තායි වාල්ත්තු’ ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය පැහැදිලි උපදෙස් ලබා දෙන ලෙස මහඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ අනෙක් ප්‍රධාන කරුණ වූයේ තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් ඉහළ යාමයි.

2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 12ක් වාර්තා වී ඇති බවත්, මේ වන විට ධීවරයින් 58 දෙනෙකු ශ්‍රී ලංකාවේ භාරයේ පසුවන අතර ධීවර බෝට්ටු 266ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහඇමැති විජේ පෙන්වා දීඉ තිබෙනවා.

එබැවින්, දැනට ශ්‍රී ලංකා භාරයේ සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු කඩිනමින් නිදහස් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම එල්ල කරන ලෙස මහඇමැති ජෝසප් විජේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් දැඩිව ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *