Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

1 minute ago

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාවන් ඉහළ නැංවීම සඳහා රජය විසින් සිදු කිරීමට යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සමඟ ඉදිරියට නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපතිවරයාගෙන් විවෘතව ඉල්ලා සිටිනවා.

නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද නිල ලිපියක් මගින් මේ බව අවධාරණය කර තිබෙනවා.

පවත්නා තත්ත්වය යටතේ සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට කටයුතු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

දිගුකාලීන සැලසුමකින් තොරව සිදුකරන මෙවැනි පියවරයන් හේතුවෙන් විනිසුරුවරුන්ගේ ගෞරවයට හානි සිදුවිය හැකි බවත්, එය අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවත් එම ලිපියේ සඳහන්.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 65 සහ 63 ලෙස ස්ථාවරව පවතින බව නීතිඥ සංගමය සිහිපත් කර සිටිනවා.

කෙසේ වෙතත්, 2020 ඔක්තෝබර් මස 29 වන දින සම්මත කරන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවා ඇති අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව (සභාපතිවරයා ද ඇතුළුව): 12 සිට 20 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව (අග්‍රවිනිශ්චයකාරවරයා ද ඇතුළුව): 11 සිට 17 දක්වාත්, එවැනි වැඩි කිරීමක් සිදුකර තිබියදී, නැවතත් විශ්‍රාම වයස සංශෝධනය කිරීමට යාම මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් ක්‍රමවේදයෙහි ස්ථාවරත්වය බිඳ වැටෙන බවයි BASL සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *